Thursday, August 30, 2012
උමතු යෞවනය
අද කාලේ ඉන්නේ වල් මත් උන් ය
කෙල්ලෝ කොල්ලෝ දෙපිරිසටම එය පොදු ය
මතක් වෙනකොටත් මාහට පිලිකුල් ය
අනක් ගුනක් නැති උන් අද හැමතැන ය
මෙහෙම කියන්නේ මම වේදනා සිතින්
මම නම් යාන්තම් තාමත් පියවි සිතින්
මගෙම යහළුවන් ගැන මින් කියමි ඉතින්
තරහක් නෑ දුකටයි ලිව්වේ මෙ ලෙසින්
වැද වැටී කෙල්ලෝ පස්සේන් යයි බල්ලන් සේ
චීත්තයක් දුටු කල කට වියරු වැටේ
අසැබි බස් වලින් උන් සන්ග්‍රහ කරතේ
එසේ පැවසුවේ ඇයි දැයි සිතනු පුතේ
දෙහදක් එක්ව සෑදෙන රස ආදරය
යෞවන සිත් රුවල් යදින සාගරය
ගඟ මෙන් ගලනා සෙනෙහස් ආකරය
විශ්මය දැනෙන තරමට එය මනරම් ය
රූපය යනු ආලය යැයි නොසිතන්න
රූපෙට ඇලිලා ආලය නොකරන්න
හිටියත් වගේ උන් උඹලට පන දෙන්න
සුලු වරදකින් යයි උන් උඹ හැරයන්න
අද බොහොමයක් පිට රටවල ආරයන්
අඟට අරන් රඟ දෙයි අපේ මෝඩයන්
එය තොපි ඉස් මුදුනෙන් පිලිගන්නකන්
කවි ලිව්වත් වැඩක් නැතිය වෙර අරන්
අම්මා පෙවූ මව් කිරියෙන් ලද සුගුණ
නැති කරලයි උඹ බොන ඔය මත් වතුර
වරදක් බෑ පට වන්නට පිට දුදන
දැන දැන වැරදි කරනා එකමයි නුගුණ
Subscribe to:
Posts (Atom)

