Friday, August 12, 2011
අවිවේකය
දිනෙන් දින සීඝ්රයෙන් දියුණු වන ආර්තික රටාවත් එක්ක මිනිස්සු දුවන දිවිල්ල....පරිසරයෙන් මිනිසා ඈත් වෙන හැටි....කාර්යබහුලත්වයෙන් මත් වුනු මිනිස්සු යන්ත්‍ර වගේ වැඩ කරන්න පටන් අරගෙන...මිනිස්සුන්ට දියුනු වෙන්න පුදුම ආසාවක් නෙ තියෙන්නේ....මිනිස්සු දියුනු වෙන්න කියලා කරන දෙවල් දක්කම "මුන් මිනිස්සුද??" කියලත් හිතෙනවා...
මට පෙනෙන්නේ මුන් ඔක්කොම "රූකඩ" වගේ..!!!!!!
ගවේශක - උදෙන්ම මොකද කරන්නේ?????
ශේමන් - නැගිටිනවා..
ගවේශක - හරි මම ඒක දන්නවා...නගිට්ටට පස්සෙ මොකද කරන්නේ???
ශේමන් - පුලුව්න් තරම් ඉක්මනට ලෑස්ති වෙනවා...
ගවේශක - කොහේ යන්නද???
ශේමන් - වැඩට යන්න...
ගවේශක - ඇයි ඒ???
ශේමන් - පොඩි එවුන්ට කන්න අරන් දෙන්නේ බාප්පද!!!
ගවේශක - මට සමාවෙන්න ශේමන්... රස්සාව ගැන මොනවද හිතන්නේ????
ශේමන් - රස්සාව!! රස්සාව තමයි රස්සාව... අපිව මරව මරව වැඩ ගන්නවා මහත්තයා...කන්න බොන හම්බ කරන්න ඔනෙ නිසා කරනවා මිසක් නත්තන් මම උන්ගෙ කටු කන්න යන්නෑ...
ගවේශක - ශේමන් නිවාඩු වෙලාවට මොනවද කරන්නේ???
ශේමන් - නිවඩු!! "හම්හ්" නිවාඩු කියන එක මගේ කාලසටහනින් අයින් වෙලා ගොඩක් කල් මහත්තයා....
ගවේශක - ගෙදර ටිකක් කරදරයි ලු නේද
ශේමන් - මහත්තයා මහන්සි වෙලා ගෙදර ආවම රටේ නැති ප්‍රශ්න කියලා ගෑනි මගේ ඔලුව කන්න හදනවා
*ශේමන් ගේ ජීවිතයේ පරිඡේදයක්..*
***මා අවිවේකයෙන්***
ඔරලෝසුවේ පැය කටුව දුවන්නේ තප්පර කට්ටත් පහු කරගෙන...
මට තව ප්‍රශ්නයක්...
ප්‍ර: - ඔරලෝසුවෙන් කරන්නේ මොකද්ද????
පි: - වෙලාව බලන එක නේ....
ප්‍ර: - එතකොට දැන් වෙලාව කීයද???
පි: - දැන් වෙලාව 10.00යි , 10.15යි , 10.30යි
බුදු අම්මෝ ඔරලෝසුවෙ කටු කැරකෙන වේගේ!! ඔරලෝසුවට පිස්සු හැදිලද??? කාටවත් වෙලාව නවත්තන්න බැරිද?????? මට මගේ වැඩ කරගන්න තියනවා.. මට වැඩ ගොඩයි... එත් මොනවද මට තියන වැඩ? මට එකක් වත් මතක් වෙන්නේ නෑනේ.... අයියෝ මට සේරම එපා වෙලා තියෙන්නේ....මම යනවා නිදාගන්න... මට නින්ද යන්නේ නෑනේ.. පුදුම හිසරාදෙයක් නෙ දනෙන්නේ..මට මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ නේ....මට මොනවා හරි කරන්න ඕනේ...ඒත් මට කමති දේ කරන්න බෑනේ...ඇයි කව්ද මට එපා කිව්වේ....මට පුලුවන් මට ඕන දෙයක් කරන්න...එත් මම මොනවද කරන්නේ...
හම්ම්ම්ම්ම්ම්ම්ම්...... මම මොනවද කරන්නේ.....??? මම සින්දුවක් කිටනවා....මම මොකද්ද කියන සින්දුව..මොන සින්දු ද?? මගේ ඔලුව කකියනවා..මට බෑ මට බෑ මට කිසිම දෙයක් කරන්න හිත් දෙන්නෙ නෑ ...මරුනා නම් මීට වඩා හොදයි... මට තරහත් යනවා.!! ඒත්...........
කවුරු හරි මට උදව් කරන්න...මම තාමත් අසහනයෙන්.....
සිතීමට යමක්
(විවේකයක් ගන්න වෙලාවක් අවශ්‍ය නෑ....අවශ්‍ය වෙන්නේ මනස විවේකය වෙත කටයුතු කිරීමයි "සිතන්න".......)
Labels:
සීමාවෙන් එපිට
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment